Thu. Oct 3rd, 2024

එළු­වෙක් බෑ කියද්දී ත්‍රීවී­ල­රයක දමා­ගෙන ගිය තරුණයින් 3ක් අත්අඩංගුවට

May23,2024

පාල­විය කල්පි­ටිය ප්‍රධාන මාර්ගයේ යුක්තිය මෙහෙ­යුම යටතේ වාහන සෝදිසි කිරීමේ නිර­තව සිටි කල්පි­ටිය පොලි­සියේ නිල­ධා­රීන් විසින් පසුගියදා (21) පස්ව­රුවේ ත්‍රිරෝද රථ­ය­කින් එළු­වකු ප්‍රවා­හ­නය කර­මින් සිටි එළු ජාවා­රමේ නිරත තරු­ණ­යන් තිදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

නාච්චි­ක­ල්ලිය ප්‍රදේ­ශයේ දී මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කළ අතර, කිසිදු නීත්‍ය­නු­කූල ලේඛ­න­ය­කින් තොරව එළුවා ප්‍රවා­හ­නයේ යෙදෙ­මින් සිටි බැව් අනා­ව­ර­ණය විය. සැක­ක­රු­වන් තිදෙනා නොරො­ච්චෝල ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 22 හා 30 අතර අය­ව­ලුන් වෙති.

මොවුන් තිදෙනා කල්පි­ටිය හා ඒ අවට ප්‍රදේ­ශ­වල නිදැල්ලේ හැසි­රෙන එළු­වන් හා එළු ගාල් ආශ්‍රිත එළු­වන් අල්ලා­ගෙන ත්‍රිරෝද රථ­ය­කින් ප්‍රවා­හ­නය කොට මස් පිණිස විකි­ණීම කලක සිට සිදු කරන බැව්, පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

සැක­ක­රු­වන් සහ නඩු භාණ්ඩ පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. කල්පි­ටිය වැඩ බලන පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක වසන්ත සිරි­ලාල් එදි­රි­සිංහ මහ­තාගේ උප­දෙස් පරිදි පරී­ක්ෂණ ක්‍රියා­ත්ම­කයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *