Thu. Oct 3rd, 2024

පරණ වාහන ආනයනය ගැන කතාවක් එළියට

Jun11,2024

වාහන ආනයනය කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් අවශ්‍ය බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ ප්‍රතිපත්තියක් සකස් කරන්නේ නම් ඊට අදහස් ලබා දීමට ඔවුන් සූදානම් බවයි

“ලෝකෙ දියුණු රටවල් පවා අවුරුදු දහයක් පමණ පරණ වාහන ගෙන්නනවා.මේ ඇමතිතුමා මොකද්ද කියන්නේ අවුරුදු දෙකක් පරණ වාහන ගෙන්වීමක් ගැන එහෙයින් සිදුවන්නේ මිල වැඩිවීමක් පමණයි වහනවල.
මේ අලුත්ම වාහන ගත්තහම නඩත්තු කිරීම ඉතාමත්ම අපහසුයි ලංකාවේ සමහර අයට මේ කරන්න අපහසුයි. එතකොට මේ ප්‍රායෝගික නැහැ.වාහනේ පරණ වෙන්න ප්‍රමාණය අනුව වාහනේ වටිනාකම සීයට හැත්තෑවකින් පමණ අඩු වෙනවා. එතකොට අඩු මිලකට වාහනයක් පාරිභෝගික යන්ට මිලදී ගන්න පුළුවන් වෙනවා. ඇමතිතුමාට අපි කියන්නේ මේවා ගැන හිතන්න කියලා”

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *