Thu. Oct 3rd, 2024

සුවඳ විලවුන් විෂ වෙයි! 30ක් රෝහලේ

Jun12,2024

පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ සුවඳ විලවුන් නිෂ්පාදනගාරයක විෂ වායු ආඝ්‍රහණයක් හේතුවෙන් එහි සේවකයින් 30 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අදාළ සිදුවීම හේතුවෙන් කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට උපදෙස් දුන් බවයි පිංවත්ත පොලීසිය සඳහන් කළේ,

අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ අද (12) පෙරවරු 9.30ට පමණ බවයි වාර්තාවන්නේ.

සුවඳ විලවුන් ඇතුළු නිෂ්පාදන සිදුකරන එම කාර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී සිදුවූ වායු ආඝ්‍රහණයක් මෙම සිද්ධියට මුල් වී ඇති බවයි පොලීසිය පවසන්නේ,

වායු ආඝ්‍රහණයත් සමග රෝගී වූ එහි සේවකයින් 30 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලටත් ඉන් පිරිසක් පෞද්ගලික ප්‍රතිකාර සඳහාත් යොමුකිරීමටත් එම ආයතනය පියවර ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *