Thu. Oct 3rd, 2024

ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

Jun14,2024

ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියා.

මෙම හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා – ඇල්ජීරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි ඇල්ජීරියානු තානාපතිවරයා මෙහිදි කියා සිටියේ .

ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු සහ ඇඟලුම් කර්මාන්ත හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ අතර, සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ගැනද අවධානය යොමු කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *