Thu. Oct 3rd, 2024

ශ්‍රී ලාංකේය නාමය රනින් බැබලවූ කායවර්ධන ශූරයෝ දිවයිනට එයි

Jun11,2024

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ (10) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය මාළදිවයින , මාළේ නගරය මුල් කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්‍රීඩකයින් 200 කගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් 06/05 දින සිට 06/10 දින දක්වා පවත්වා තිබුණා. .

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස් සෙන්ටි මීටර් 180 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ සහන් දිල්රුක් සහ උස සෙන්ටි මීටර් 182 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ බුද්ධික ප්‍රසන්න රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව උස සෙන්ටි මීටර් 175 කාණ්ඩය යටතේ තරග කළ විශ්ව තාරුක එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණා

ඔවුන් අතරින් රන් පදක්කමක් දිනූ බුද්ධික ප්‍රසන්න සහ ලෝකඩ පදක්කමක් දිනූ විශ්ව තාරුක පමණක් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර රන් පදක්කමක් දිනා ගත් සහන් දිල්රුක් ඩුබායි හි සිය රැකියා ස්ථානය කරා ගොස් තිබුණා

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ රාත්‍රී 11.05 ට මාළදිවයින මාළේ නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 9660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *