Thu. Oct 3rd, 2024

ටික්ටොක් වලිය දුර දිග යයි – සිඟිති පාතාලයෝ දත් කැඩෙන්න පහර දී අත්අඩංගුවේ

Jun11,2024

සමාජ මාධ්‍යයේ ටික් ටොක් විඩියෝ නිර්මා­ණය කරන තරු­ණ­යන් දෙදෙ­නකු අතර මත­භේ­ද­යක් ඇති වී එක් තරු­ණ­ය­කුගේ මිතු­රන් පිරි­සක් අනෙක් තරු­ණයා රැගෙන ගොස් දරුණු ලෙස පහර දී තිබෙනවා.

එම තරු­ණයා බිම දණ ගස්වා අමා­නු­ෂික අයු­රින් පහර දී ඇති අතර, පහර කෑමෙන් තරු­ණ­යාගේ දතක් ද කැඩී ඇති අතර, ඔහු රෝහ­ල්ගත කර තිබේ. මිතු­රන් පිරිස වටවී එම තරු­ණ­යාට පහර දෙන අයුරු තවත් මිතු­රකු වීඩියෝ කර ඇති අතර, එම වීඩි­යෝව මිතු­රන් අතරේ වට්ස්ඇප් මඟින් හුව­මාරු කර­ගෙන තිබුණි.

එක් අයෙ­කුගේ ටික් ටොක් වීඩි­යෝ­වක් නැර­ඹුම් වාර ලක්ෂ­යද ඉක්මවා යාම හේතු කොට­ගෙන මෙම ආර­වුල උද්ග­තව ඇති බව පොලි­සිය පව­සයි.

පහර කෑ තරු­ණ­යාගේ අයියා මේ පිළි­බ­ඳව වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත පැමි­ණිලි කිරී­මෙන් අන­තු­රුව ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික නිලන්ත මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉසුරු ශාමික මහතා විම­ර්ශන ආරම්භ කරනු ලැබීය.

මේ සම්බ­න්ධ­යෙන් තරු­ණ­යන් පස් දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත අතර, වෙන්න­වත්ත ප්‍රදේ­ශ­යෙන් තිදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබේ. දෙදෙ­නෙකු ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇත.

සිද්ධි­යට සම්බන්ධ තරු­ණ­යින් සියලු දෙනා වයස 17-19 අතර පුද්ග­ල­යන් බව පොලි­සිය සඳ­හන් කරයි. තරු­ණ­යාට පහර දෙන වීඩි­යෝවේ ඇතැම් දර්ශන මකා එය මිතු­රන් අතරේ සංස­ර­ණය කර ඇති අතර, එහි මුල් දර්ශන ලබා ගැනීම සඳහා පොලි­සිය රස පරී­ක්ෂ­ක­ව­ර­යාගේ අව­සර ලබා­ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් ඊයේ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *